පෙමට නිගා දී ලීක් කරන අයට වැඩ වරද්දන අලුත් නීතිය මෙන්න

ප්‍රේම සබඳතා නතර වීමෙන් අනතුරුව පළිගැනීමේ චේතනාවෙන් නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි වෙත මුදාහරින පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ නීති මේ වන වි⁣ට සම්පාදනය කර තිබෙනවා.

එවැනි වරදකට පළමු වරට හසුවන්නෙකුට වසර 5 ක් නොඉක්මවන සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 5 ක් නොඉක්මවන දඩ මුදලක්ද, එම වරදටම නැවත නැවත හසු වුවහොත් එම දඩුවම් කාලය සහ දඩ මුදල දෙගුණයක් කරනු ලැබීමට හැකියාව ලැබෙන පරිදියි මෙම නව නීති සම්පාදනය කර ඇත්තේ.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මෙවැනි විවිධ විෂමාචාර ක්‍රියා පාලනය කිරීමට ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත් කරන ලද මෙම නව නීති ඇතුළත් කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

සමාජ මාධ්‍ය තුළ මෙවැනි විෂමාචාර ක්‍රියා නිරන්තරයෙන් සිදු වුවත්, ඒ සම්බන්ධ නීති පිළිබඳ වින්දිතයන්ට ඇති අඩු දැනුම හේතුවෙන් බොහෝ සිදු වීම් පොලීසිය හෝ අධිකරණය දක්වා වාර්තා නොවන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button