දකුණු කොරියා රැකියා සිහිනයට සුබ පණිවුඩයක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියා සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමට එරට කම්කරු හා රැකියා අමාත්‍යවරයා එකඟතාව පළ කර තිබෙනවා.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු කොරියා කම්කරු හා රැකියා අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස, විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර හමු වූ අවස්ථාවේදීයි මෙම එකඟතාව පළ කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ නැව් ඉදිකිරීම්, සාත්තු සේවා සහ ඇඟලුම් යන ක්ෂේත්‍ර සඳහා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button