නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

නීතිවිරෝධී ලෙස කොටස් එකලස් කරන ලද, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට තිබෙනවා.
ඒ, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මතයි.
මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වලාන දූෂණ මර්දන අංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
නිශාන්ත මුතුහෙට්ටිගම විසින් මීට වසර කිහිපයකට පෙර වරාය සහ නාවික රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී බදු නොගෙවා ආනයනය කළ අදාළ සුඛෝපභෝගී ජීප් රථය පසුගියදා ගාල්ල නගරයේදී පොලිස් භාරයට ගෙන තිබුණා.
ඒ, එම ජීප් රථය යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත කළ සෝදිසි කිරීමකදී.
මත්ද්‍රව්‍ය කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ නමුත් වෙනත් වාහනයක අංක තහඩුවක් සහිත අදාළ ජීප් රථය නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති බවට පරීක්ෂණයකින් තහවුරු වුණා.