දුම්රිය රියැදුරු වර්ජනය මැද දුම්රිය වහලයෙන් වැටී අයෙක් මරුට

දුම්රියක වහලය මත ගමන් කළ මගියෙකු ඉන් ඇද වැටී මිය යාමේ අවාසනාවන්ත පුවතක් හොරපේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට රාගමින් ගොඩ වී වහලය මත නැගී ගමන් කළ පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.
උසස් වීම් ඉල්ලා දුම්රිය රියැදුරන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ දුම්රිය මගීන්ට දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වී ඇති බව වාර්තා වනවා.
ස