හෝටලයකට පැන කලබල කළාට ලක්ෂ 3 ක් ගෙවන්නැයි ඥානසාර හිමියන්ට නියෝගයක්

මීට වසර නවයකට පෙර කොළඹ පිහිටි හෝටලයකට නීති විරෝධීව ඇතුළු වී සාපරාධී බලහත්කාරකම් කළා යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 3 ක් ගෙවන ලෙස බොදු බල සේනා සංවිධානයේ නායක ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියෝග කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකාර පාර්ශ්වය වරද පිළිගන්නා බව විත්තියේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දීම සැලකිල්ලට ගෙන කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
2014 වසරේ අප්‍රේල් මස 09 වන දින කොළඹ නිපෝන් හෝටලයේදී ජාතික බල සේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමියන් විසින් සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට කඩා වැදී සාපරාධී බලහත්කාරකම් කිරීම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන කරුණු සම්බන්ධයෙන් පොලීසිය චෝදනා ගොනු කර තිබුණා.