මත් කර සොරකම් කරන අලුත් කල්ලියක් ගැන අනාවරණයක්

කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවල කුලී ත්‍රිරෝද රථ, මෝටර් රථ රියැදුරන් සහ බස් මගීන් මත් කර වාහන, මුදල් සහ වටිනා ආභරණ සොරකම් කරන කල්ලි කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.
බොහෝ විට, අඹු සැමියන් සහ යුගල වශයෙන් කුලී රථ වලට ගොඩ වන ඔවුන් රියැදුරන් හා මිතුරු වී අතරමගදී සිසිල් බීම වැනි දෑ පානය කරන්නට ලබා දී සිහිසුන් කර ඔවුන් සතු වටිනා ජංගම දුරකථන ආදිය සොරා ගන්නා බවයි පැවසෙන්නේ.