දේව මාතාවගේ රන් මාලය ඉස්සූ පූසාරිට ගුටි පූජාවක්!

පුස්සැල්ලාව, හෙල්බොඩ මුත්තු මාරි අම්මාන් කෝවිලේ දේව මාතාවගේ ගෙල බැඳි රන් මාලය සොරකම් කළ එම කෝවිලේ හිටපු පූසාරි ඇතුළු තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 31 වැනිදා මෙම සොරකම සිදු කර ඇති අතර පූසාරි සහ ඔහුගේ සහෝදරයින් දෙදෙනෙකු මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් උරණ වූ ප්‍රදේශවාසීන් ඔවුන් අල්ලා පහර දී පොලීසියට භාර දී ති⁣බෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button