පිරමීඩ සමාගමේ ලොක්කාගේ ඉඩම් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර සමාගමක් පවත්වාගෙන ගිය OnMax DT සමාගමේ අධ්‍යක්ෂවරයෙකු බව කියන සම්පත් සඳරුවන් නමැත්තාගේ කෝටි 62 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20 ක් නැවත දැනුම් දෙන තුරු විකිණීම හෝ පැවරීම වලක්වාලන ලෙස ඉඩම් රෙජිට්‍රාර්වරුන් සිව් දෙනෙකුට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්.
මාතර ප්‍රදේශයේ සුපිරි නිවාස සහ සුපිරි හෝටල් සහිත ඉඩම් 06ක්, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් 02 ක්, කඩවත ප්‍රදේශයේ ඉඩම් 02 ක් සහ කළුතර ප්‍රදේශයේ ඉඩම් 10ක් මෙලෙස පැවරීම සහ විකිණීම තහනම් කරමින් නියෝග නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.