“මුදලින් පොහොසත්ම පක්ෂය මොකක්ද කියලා පෙරපාසල් දරුවා හිටන් දන්නවා” – සජිත්

තමන් ජනාධිපති වූ පසු සංවර්ධන කටයුතු සඳහා මුදල් සොයාගැනීම තමන්ගේ වගකීමක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මුදල් සොයන ආකාරය පිළිබඳව කිසිවෙකු දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට ඉගැන්වීමට නොගිය බවත්, ඒ ⁣නිසා තමන්ටද එය ඉගැන්විය යුතු නැති බවයි ඔහු කියා සිටින්නේ.

කවුරුන් කුමන සමාජවාදය ගැන කතා කළත් ලංකාවේ මුදලින් පොහොසත්ම පක්ෂය සමගි ජන බලවේගය බව පෙර පාසල් ළමුන් පවා දන්නා බව මෙහිදී විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අදහස් පළ කෙරුණේ කිරිඳි ඔය දකුණු ඇළ සංවර්ධන ව්‍යාපෘතියක සමාරම්භක උත්සවයට එක් වෙමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button