බස් සංගමයේ අංජනට 4% මදි වෙයි

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සියයට 10 ත් 15 ත් අතර අගයකින් වැඩි කිරීමට සිදු වන බව සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.
බස් ගාස්තු ඉහළ දැමීමෙන් මගී ජනතාවට සිදු වන අපහසුතාවයේ වගකීම රජය භාරගත යුතු බවයි ඔහු පවසන්නේ.
කෙසේ වෙතත් දැනට සියයට 4 කින් කළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.