දරුවා තනි වුණාද? – පවුලක් පැවිදි වූ සිද්ධියේ ඇත්ත මෙන්න

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ එකම පවුලේ මව, දියණිය සහ බෑණනුවන් ගේ දොර ඉඩකඩම් පූජා කර සසුන්ගත වූ පුවතක් අද උදෑසන අප වාර්තා කළා.

කෙසේ වෙතත්, බොහෝ ⁣දෙනෙකු ලාබාල දරුවෙකු අතහැර දමා අදාළ තරුණිය සහ තරුණයා පැවිදි වී ඇතැයි පවසමින් සමාජ මාධ්‍ය තුළ දොස් නඟා තිබුණා.

මේ සම්බන්ධයෙන් ‘මවුරට’ අප එම පවුල සසුන්ගත කිරීමට මූලික වූ එම පවුලේ ගිහි කල වැඩිමහල් සහෝදරයා වන ගෝසිංග වන අරණ ප්‍රධාන අනුශාසක කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමියන්ගෙන් කරුණු විමසුවා.

උන්වහන්සේ පවසන්නේ එම දරුවා මේ වන විට පැවිදි වූ ඔහුගේ මෑණියන් සහ පියාණන් සමඟ උන්වහන්සේලා වැඩවසන ආරණ්‍ය සේනාසනයේම පසුවන බවයි.

ඉතා ලාබාල දරුවෙකු නිසා ‘විකාල භෝජනා වේරමණී ශික්ෂාපදය’ සමාදන් වීමේ නොහැකියාව හේතුවෙන් තවම පැවිදි නොකළ බවත් ඉදිරියේදී එම දරුවාද පැවිදි දිවියට ඇතුළත් වීමට ඉතා කැමැත්තෙන් පසුවන බවද උන්වහන්සේ පැවසුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button