සිරිමාවෝගෙන් පස්සෙ මුළු ලෝකයම දිනාගත්තේ මගේ යහපාලන කාලයේ – මෛත්‍රී

සිරිමාවෝ බණ්ඩාරනායක පාලන කාලයෙන් පසු රටක් ලෙස මුළු ලෝකය ම දිනාගත්තේ තමන්ගේ යහපාලන වකවානුවේ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
රුසියාව, චීනය, අමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල් සංචාර සඳහා තමන්ට ආරාධනා කළ බවත්, එම සංචාරවලදී වැදගත් ගිවිසුම් රුසකට එළඹුනු නමුත් ඒවාට අද සිදු වී ඇත්තේ කුමක්දැයි තමන් නොදන්නා බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.
මෙම අදහස් පළ කෙරුණේ ඊයේ රාත්‍රියේ පැවැති රූපවාහිනී සාකච්ඡාවකදී.