ජාතියේ ගමන් සගයාට මග වගකීම අමතක වෙයි! – “ටිකට් ගත්තෙ නැති අය ඉන්නවා නම් දාගන්නම්”

පසුගියදා කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රීලංගම බස් රථයක මගියෙකු තමන් මුහුණ දුන් අත්දැකීමක් පිළිබඳ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්.

“ඊයේ සවස සිදුවුණු සිදුවීමක්
ඊයේ සවස 3.30ට පමන පිටකොටුව මධ්‍යම බස් නැවතුමෙන් NB 8807 KD 57 දරණ කිරිඳිවැල ඩිපෝවට අයත් මහනුවර 01 කොළඹ මාර්ගයේ ධාවනය වන බස් රථය මහනුවර බලා පිටත් උනා .ඉයේ සිකුරාදා දවසක් හින්දා බස් එක ෆුල් ලෝඩ් වෙලා ආවේ කිරිබත්ගොඩ හරියට එද්දිම ෆුඩ් බෝඩ් එකටම පැක්වෙලා ආවේ. බස් එක බැලුම්මහර හරියට කිට්ටු වෙද්දී එකපාරටම ටිකක් ලොකු සද්දයක් එක්ක ගැස්සිලා ගියා .ඒක වෙලා බස් එක සාමාන්‍ය විදියට මීටර් 50k විතර ආවට පස්සෙ ඉදිරියට යන්නෙ නැති ගතියක් ආවා ඉට පස්සේ රියදුරු විසින් බස් එක පාරෙන් අයිනට කරලා කට්ටිය බැහැල බැලුවා .හැමෝම හිතුවෙ පැච් එකක ගිහින් කියලා .ඒත් වෙලා තිබුණේ Retreating (නැවත පිරවු) ටයර් එකේ මතුපිට කොටස රබර් පටියක් වගෙ ගැලවිලා සම්පුර්ණම රෝදය සහ තවත් යකඩ කොටසක් සමඟ තදටම හරිවෙලා. රියදුරු විසින් නැවත බස් එක පනගන්වා ටයර් කඩයක් දක්වා දවනය කරන්න හැදුවත් එහෙම කරන්න බැරිවුණා .මේක උනේ ඉදිරිපස දකුණු ටයර් එකට. රියදුරු මහත්තයා සහ කොන්දොස්තර මහත්තයා එහෙට මෙහෙට කෝල් ගත්තත් වැඩක් උනේ නෑ වගේ..ඒත් ඉට විනාඩි කිහිපයකට පස්සෙ ගම්පහ ඩිපොවේ ඉංජිනේරු අංශයේ සේවාරථය කොළඹ දෙස සිට නැවත ඩිපෝවට යන අතරතුර එම ස්තානයෙන් ගියා.ඔවුන් රථය නවත්තලා සිද්ධිය පරික්ෂා කරලා බලලා ඉතාම ඉක්මනට ටයර් එක මාරු කරලා දුන්නා .තමන්ගෙ රාජකාරිය නොවුනත් 80ක් පමන සිටි මඟින් පිරිසට විනාඩි පහක් වගෙ පොඩි වෙලාවකින් වැඩෙ කරලා දුන්නා ..ගම්පහ ඩිපොවේ ඉන්ජිනේරු සේවා රථය පැමිනියේ නැත්තම් බස් එකේ ටයර් එක මාරු කරන්න වෙන්නේ නැ මොකද අප ගමන් ගත් බස් රථයේ Spare wheel එකක් තිබුනත් Tools මුලින්ම තිබුණේ නෑ.. විනාඩි 15-20යද්දි නැවත බස් රථය ධාවන කලත් ඉන්ජිනේරු සේවා රථය පැමි⁣ණීමට පෙර හැමෝම සිතුවේ වෙනත් බස්රථ වලින් යන්න වෙයි කියලා .ඒ අවස්ථාවේ මහනුවර දෙසට ලංගම බස්රථ 03ක් ගියා කොන්දොස්තර මහත්තයා බස්රථ නවත්තලා හදිස්සි මඟින් යවන්න උත්සාහ කරත් ඒවා එකක් වත් නැවැත්තුවෙ නෑ..එක බස් රථයක් ලාවට ස්ලෝ කරලා කිව්වෙ ටිකට් කඩපු නැති අය ඉන්නවා නම් දාපන් කියලා ..ඒ බස්රථත් ලෝඩ් වෙලා ගියත් එක බස් එකකට මඟින් පහක් විතර වත් දාලා වෙනත් බස් අල්ලගන්න බලාගෙන යන මඟින් වත් දාලා යවන්න තිබුනා . කැඩුන බස් එකක මඟින් දාගන්නවට වඩා අලුත් මඟින් දාගත්තම එන සුලු වාසීය නිසාලු දැන් සීටිබි බස් එහෙම කරන්නෙ .ඇත්තටම සීටිබි බස් රථ අතරත් මේ වගේ සාමුහික කටයුත්තක් කරන්නෙ නැත්තම් ලංගම බස් රථ ගැන විශ්වාස කරලා ගමනක් යන්නෙ කොහොමද.අපදාවට ලක්වුන ඩිපෝවෙම බස් එකක් කීයට හරි එනකල් ඉන්න වෙනවා.😑 ගම්පහ ඩිපෝවේ ඉංජිනේරු සේවා එකේ මහත්වරුන් නිසා වැඩි ප්‍රමාදයකින් තොරව විශාල මඟින් පිරිසකට තම ගමනාන්ත වෙත යන්න පුළුවන් උනා..ඔවුන් එම අවස්ථාවෙි නොසිටියේ නම් සිකුරාදා සවස උන ඉයේ දිනයේ එම අවස්ථාවේ එතනින් ගිය බස්රථ සියල්ලම මඟින් පිරි තිබුන නිසාත් .මිනිස්සු කීප දෙනෙක් හරි දාගන්න පුළුවන් කම තියෙද්දි ලංගම බස්රථ නොනවත්වා දාවනය කල නිසාත් අප සියලුම දෙනා බොහෝ සෙයින් අපහසුවට පත් වෙන්න තිබුනා .තම රාජකාරියෙන් බැහැරව අහබු ලෙස අපදාවට ලක් වු බස්රථය දැක ඉතා ක්ෂනිකව එය පිලිසකර කරදුන් ගම්පහ ඩිපොවේ සේවක මහතුන්ට බෙහෙවින් ස්තූතීයි .. එතැන සිටි සියලුම දෙනා කතා වු විදියට ටයර් retreating (නැවත සැකසු) අයතනය මඟින් නිසි ප්‍රමිතියට අනුව එය සිදු නොකරන ලද නිසා ඉතාම මැතකදී නැවත පිරවු එම ටයරයට එසේ සිදුවී ඇති බවත් මෑතදි සිට නැවත පිරවු ටයර් වලට තත්ත්වය කිසිදු ප්‍රමිතියක් නැතිබවත් කියා සිටියා මෙි පිලිඹදව අදාල බලධාරීන්ගේද අවදානය යොමු වේවා”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button