උසස් පෙළට දෙන දෙදහසේ දීමනාව සාමාන්‍ය පෙළටත් ඉල්ලයි

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට ලබා දෙන රුපියල් දෙදහසක දීමනාව සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට ද ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු කියා සිටින්නේ එසේ නොකරන්නේ නම් අද සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කරන බවයි.