පානදුරේ ගින්න නිවා දැමුවාට මොර⁣ටුව ගාස්තු ඉල්ලයි!

පානදුර, උඩහමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක ඇති වූ ගින්න නිවා දැමීම ⁣වෙනුවෙන් මොරටුව මහ නගර සභාව කැඳවීම් ගාස්තු ලෙස තමන්ගෙන් රුපියල් 30,000 ක මුදල් ඉල්ලා සිටින බව පවසමින් කාන්තාවක සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්.

“ගිනි ගන්නවා නන් fire brigade එකට call නන් කරන්නෙපා තමන්ගෙ area එකේ fire unit එකක් නැත්තං 😬😬😬😬

(හැබැයි ඉතින් අපි ඉන්නෙත් පානදුර කියලා මහ නගර සීමාවකලු. වරි පනනුත් වෙලාවට ගෙවනලු 😏😏😏)

පානදුර නගර සභාවෙන් ඇහුවම එයාලට ගෙවන්න “සල්ලි නෑලු”
අනේ මන්දා ඉතින් මෙව්වා…..

මෙහෙම දෙයක් අපිට වෙනකම්ම අපි හිතන් හිටියෙත්
ඒක FREE SERVICE එකක් කියලා ලංකාව ඇතුලෙ ඕනම තැනකට 😬
.
.
.
.
.
ප. ලි –
එක්කො සල්ලි ready කරන් call කරන්න 😌 නැත්තං ඒ ගින්නටම පනින්න…. එහෙමත් නැත්තං මේක තමයි වෙන්නෙ!!!!”

මේ සම්බන්ධයෙන් ‘මවුරට’ අප පානදුර නගර සභාවෙන් විමසීමක් කළා. එහි නිලධාරිනියක පැවසුවේ පානදුර නගර සභාව සතුව ගිනි නිවීමේ ඒකකයක් නොමැති බවයි.

කතෘ සටහන –

ජනතාවගේ වරිපනම් මුදලින් නඩත්තු වන මෙම පළාත් පාලන ආයතන ස්වකීය මහජනතාව වෙනුවෙන් සේව⁣ය කිරීමේදී සිදුවන කඹ ඇදීමෙන් අවසානයේ පීඩාවට පත් වන්නේ මහජනතාවයි. පවතින ගැසට් පත්‍ර, නීති සංශෝධනය කරමින් හෝ මහජනතාවට සේවය සැපයීම සඳහා මධ්‍යම රජයේ මැදිහත් වීම මත පළාත් පාලන ආයතන ඒකාබද්ධ කර විධිමත් වැඩපිළිවෙලක් සැකසිය යුතු නොවන්නේද?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button