මහින්ද අමරවීරගේ කුඹුර හරකුන්ට දෙයි!

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට අයත් අඟුණුකොලපැලැස්ස ප්‍රදේශයේ කුඹුරක් නියඟය හේතුවෙන් විනාශ වී ඇතැයි වාර්තා වනවා.
පසුගියදා සමනල වැවෙන් ජලය නිදහස් කළද මෙතෙක් අඟුණුකොලපැලැස්ස ප්‍රදේශයට ජලය ලැබී නොතිබීම හේතුවෙන් අක්කර දෙකක් පමණ වන එම කුඹුර විනාශ වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.
තමන්ගේ කුඹුර විනාශ වූවත්, තමන් එයට ගිනි නොතබන බවත් ගවයන්ගේ ආහාර සඳහා එය නිදහස් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.