චැනල් අයි විකුණා දමන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය නෑ – බන්දුලගේ හිතුවක්කාර තීරණයක්?

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු ‘ චැනල් අයි’ නාළිකාව, ලයිකා මොබයිල් වෙත විකුණා දැමීමට රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොමැති බව වාර්තා වනවා.

අදාළ ගනුදෙනුව සම්බන්ධව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට කරුණු පවසා ඇතත්, ඒ සම්බන්ධ නිසි අනුමැතියක් ලබා⁣⁣ගෙන නොමැති බවයි සතිඅන්ත ජාතික පුවත් පතක් තොරතුරු සඳහන් කරන්නේ.

එවැනි විකුණා දැමීමකදී සාමාන්‍ය ක්‍රමවේදය අනුව ප්‍රසිද්ධ දැන්වීමක් පළ කර, තරඟකාරීත්වයක් ඇති කර වැඩි මිලට අලෙවි කළ යුතු වුවත් එවැනි ක්‍රමවේදයක් මෙහිදී අනුගමනය කර නැහැ.

ඒ අනුව ‘චැනල් අයි’ ගනුදෙනුව බන්දුල ගුණවර්ධනගේ තනි තීරණයකට සිදු වන්නක්දැයි සැකයක් මතු වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button