සහල් මිල වැඩි කිරීමේ සූදානමක්?

පවතින වියලි කාලගුණයත් සමඟ වගා හානි වීම හේතුවෙන් මෙම කන්නයේ වී අස්වනු කැපී පෙනෙන ලෙස අඩු වනු ඇතැයි විශේෂඥයින් පුරෝකථනය කරනවා.
මෙම තත්වයත් සමඟ මහා පරිමාණ වී මෝල්හිමියන් සතුව ඇති වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවෙන් සහල් ආනයනය අත්හිටුවීමද ඉදිරියේදී වෙළඳපොල සහල් මිල කෙරෙහි අහිතකරව බලපානු ඇති.