පපුවේ ගිනි නිවන බෝතලෙනුත් හොරට ගරලා මාට්ටු!

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මත්පැන්හල්වල සුරාබදු දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද වැටලීම්වලදී ව්‍යාජ ලෙස ලේබල් කළ කාලේ මත්පැන් බෝතල් 8000 ක් පමණ සොයාගෙන තිබෙනවා.
මෙම ව්‍යාජ ලේබල්කරණය පසුපස සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුද සිටින බවයි කියැවෙන්නේ.
මත්පැන් සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් අඩු කර ගැනීමට ව්‍යාජ ලේබල් යොදාගන්නා අතර, මේ හේතුවෙන් පසුගිය කාලයේ සුරා බදු ආදායම පහළ ගොස් තිබුණා.