ඔන්ලයින් ණය ගැටවලට ඔබත් හසු වුණාද?

අන්තර්ජාලය හරහා ක්ෂණික ණය ලබාදෙන ආයතන වංචාකාරී ලෙස සාමාන්‍ය ජනතාව සූරාකමින් සිටින බවට ‘මවුරට’ අපට වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී හෙළි වුණේ, විවිධාකර නම් වලින් පෙනී සිටින මෙම ආයතන ෆේස්බුක් හරහා දැන්වීම් පළ කරමින් සිය වෙබ් අඩවි හරහා මෙම ව්‍යාපාරය සිදු කරන බවයි.
ණයක් ඉල්ලුම් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය සහ ණය ඉල්ලුම් කරන්නා දැනට සේවය කරන ආයතනයේ නිලධාරියෙකුගේ දුරකථන අංකය ලබා ගන්නා ඔවුන් පැය භාගයකට අඩු කාලයකදී ඉල්ලුම්කරුගේ ගිණුමට ඉල්ලුම් කරන මුදල ගිණුම් ගත කරනවා.
මුදල් නැවත ගෙවීමේ කාලය ලෙස බොහෝ දුරට සතියක කාලයක් ලබා දෙන අතර, සතියක් තුළ ගෙවීමට අපොහොසත් වන්නන්ට අසාධාරණ පොලියක් නියම කරනු ලබන්නේ නිසි ක්‍රමවේදයකින් තොරවයි.
මේ තත්වය සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළා.
එහි ප්‍රකාශිකාවක කියා සිටියේ මහජන මුදල් තැන්පතු ලබා නොගෙන, මුදල් පොළියට දීම පමණක් සිදු කරන ආයතන සම්බන්ධයෙන් නියාමනය කිරීමට මහ බැංකුවට බලයක් නොමැති බවයි.