ඉන්ධන අඩු මිලට දෙන්න සිනොපෙක් සමාගමට අවසර!

චීනයේ සිනොපෙක් සමාගමට ශ්‍රී ලංකාව තුළ තරඟකාරී ආයතන වල ඉන්ධන මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර හිමි වී ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව, එළඹෙන අගෝස්තු 20 වනදා සිට එම සමාගම තම මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරෙනු ඇති.
රට පුරා ඉන්ධන පිරවුම්හල් 100 කට අධික ජාලයක් මේ සමඟ ක්‍රියාත්මක වනු ඇති අතර, තවත් ඉන්ධන පිරවුම්හල් 50 ක් පමණ එම ජාලයට අලුතින් එක්වනු ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.