පූසත් එක්ක ටික්ටොක් කරන්න ගිය කුරුණෑගල තරුණියට වැඩ වැරදුණු හැටි

සුරතලයට නිවසේ ඇති කරන බළලා සමඟ ටික්ටොක් වීඩියෝවක් පටිගත කරන්නට සූදානම් වෙද්දී හදිසියේම තරුණිය බළලාගේ පහර කෑමට ලක් වූ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ටික්ටොක් වීඩියෝ නිර්මාණ කිරීමට මහත් ඇල්මක් දක්වන බව කියන මෙම තරුණිය පාසල් සමයේ පටන්ම ටික්ටොක් ජංගම දුරකථන යෙදවුම භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින බවයි පැවසෙන්නේ.
සුරතල් බළලුන් සම්බන්ධ ෆේස්බුක් සමූහයකටද එක්ව ඇති ඇය විවිධ අවස්ථාවල තම නිවසේ ඇති කරන සුරතල් බළලා සමඟ ඡායාරූප ගෙන ඒවා එම සමූහයට ද මුදා හැර තිබෙනවා.
කෙසේ වෙතත් බළලාගේ පහර දීමෙන් තරුණියගේ උරහිස සීරී ඇති අතර මේ ගැන ඇය සමීප මිතුරියකට පැවසීමත් සමඟ මෙම පුවත ඇය උසස් අධ්‍යාපනය ලබන ආයතනයේ සිසුන් අතර සංසරණය වී ඇතැයි සඳහන්.