කුඩුකාරයෝ ගමට හිසරදයක් යැයි ෆේස්බුක් දැම්ම තරුණයා මරා දමලා

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම ගමට හිසරදයක් යැයි තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ තරුණයෙකු කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කර ඇතැයි දොඩම්ගොඩ පොලීසිය පවසනවා.
ඝාතනයට ලක් වූ තැනැත්තා කලකට ඉහතදී, ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ශාන් නමැත්තාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කර පසුව ඉන් ඉවත් වී ඇති අතර, ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුද ශාන් නමැත්තාගේ සමීපතමයෙකු බවයි කියැවෙන්නේ.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන ‘කුඩු සඳුනි’ නමැත්තිය මෙම ඝාතනය පසුපස සිටින බවයි.