දක්ෂිණ අධිවේගයේ කොන්ත්‍රාත්කරුවන්ගෙන් අය විය යුතු මුදල් මහින්ද පිනට කපා දමලා?

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී කළුගල් කැඩීම වැනි විවිධ කොන්ත්‍රාත් ලබාගත් ආයතනවලින් රජයට අය විය යුතු රු. මිලියන 793 ක් ගෙවීම අදාළ ආයතන පැහැර හැර ඇතැයි පසුගියදා පැවැති පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී හෙළිදරව් වී තිබෙනවා.
මේ අතර, 2020 වසරේදී එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් අනුමැතිය ලබාගෙන එම අය විය යුතු මුදල් වලින් 75% ක් කපා දමා ඇතැයිද කෝප් කමිටුවේදී අනාවරණ වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.