කොත්තු බාස්ව බිය වැද්දූ අයට වැඩ වරදී!

මඩකලපුව ප්‍රදේශයේ හෝටලයක කොත්තු සකසන තරුණයෙකුගෙන් රුපියල් 6,500 ක මුදලක් කොල්ලකෑ එරාවූර් පොලීසියේ සේවය කරන නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
රාත්‍රී කාලයේ එරාවූර් ප්‍රදේශයේ මාර්ගයක අදාළ තරුණයා ගමන් කරමින් සිටිද්දී පොලිස් නිලධාරීන් ඔහු සතුව ජාතික හැඳුනුම්පත නැතැයි පවසා මාංචු දමා පොලීසියට ගෙන ගොස් පහර දී ඇතැයි සඳහන්.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බවට චෝදනා කර නඩු පවරන බවට තරුණයා බිය වද්දා ඔහුගෙන් අදාළ මුදල කොල්ලකා ඇති බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.