හොරකමට මිරිස් අඹරන සීනිගම දේවාලයෙත් හොරකම්!

හික්කඩුව, සීනිගම ශ්‍රී දෙවොල් මහ දේවාලයේ 2021 සහ 2022 වසරවල කෝටි ගණනක මුදල් වංචා සිදුව ඇතැයි විගණනයකින් හෙළි වන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් සෝමරත්න විදානපතිරණ වැඩිදුරටත් කියා සිටින්නේ 2020 වසරේ ‘ඉටුකම’ කොවිඩ් අරමුදලට ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කළ බවට සඳහන්ව තිබුණත් එවැනි මුදලක් කොවිඩ් අරමුදලට බැර වී නොමැති බවයි.
මේ අතර දේවාල පරිශ්‍රයේ සිදු කර ඇති නව ඉදිකිරීමකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයද ලබා ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.