‘වැව මැද ගෙදර’ අනංගයාගේ වැඩ තහනම්!

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයට අනියුක්තව සේවය කරන ඇතැම් රූමත් තරුණියන්ට ලිංගික බලපෑම් සහ අඩන්තේට්ටම් කළ බව කියන එම අංශයේ සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වනවා.

⁣පසුගිය කාලය පුරා ලිංගික බලපෑම් සහ අඩන්තේට්ටම් සිදු වන බව⁣⁣ට සේවිකාවන් විසින් පැමිණිලි කර තිබූ අතර, පසුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කර තිබුණේ අදාළ කරුණු පිළිබඳ විමර්ශනය කිරීම සඳහායි.

සේවිකාවන් විසින් එම කමිටුවට තමන් මුහුණදෙන අත්දැකීම් පිළිබඳ හෙළි කර ඇති අතර, ඒ අනුව අදාළ බලපෑම් සම්බන්ධයෙන් ගෘහ පාලන අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන්ද ඉදිරියේදී ක්‍රියාමාර්ග ගනු ඇති බවයි පැවසෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button