MTFE ලොක්කෝ රට පනින සූදානමක්?

MTFE SL GROUP නමැති ආයතනය සම්බන්ධයෙන් මහ බැංකුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
‘මවුරට’ අප කළ විමසීමකදී මහ බැංකු ප්‍රකාශිකාවක කියා සිටියේ මහජන මුදල් තැන්පතු භාරගන්නා ආයතනයක් පවත්වාගෙන යාම සඳහා මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්ය වුවත් අදාළ ආයතනය මහ බැංකුව යටතේ ලියාපදිංචි වී නොමැති බවයි.
මේ අතර, MTFE SL GROUP හි ප්‍රධාන පෙළේ සාමාජිකයින් රටින් පලා යාම වලක්වාලමින් අධිකරණ නියෝගයක් ලබා ගන්නැයි මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව කියන ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
එම ලිපිය පහතින්.