NEWS

පොල් කඩන කම්කරුවෙකුට එක ගසකට නගිනවාට රුපියල් 100 ක් ලබා දිය යුතුයි – ඇමති අරුන්දික කියයි

පොල් කඩන කම්කරුවෙකුට එක් ගසකට නැගීම වෙනුවෙන් රුපියල් 100 ක මුදලක් පබා දිය යුතු බව පොල් ,තල් , කිතුල් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා. අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දංකොටුවේ පිහිටි සිය වත්තේ  පොල් ගසකට නැගී අතර තුරේදී වීම විශෙෂත්වයක්.

එම පොල් ගසේ ගෙඩි කීපයක් කඩා දැමු ඔහු අද වන විට පොල් ගෙඩියක මිල රුපියල් සියය දක්වා ඉහල ගොස් ඇති බවද සිහි කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් ඇමතිවරයා කියා සිටියේ පොල් කැඩීම හා රා නිෂ්පාදනය සදහා මේ වන විට කම්කරුවන් සොයා ගැනීමේ අපහසුතාවයක්ද පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *