රෝසි එළියෙන් අඳුරට! – නගරාධිපති නිල නිවසේ ලයිට් කපලා

මාස හතරක් තිස්සේ විදුලි බිල් නොගෙවීම හේතුවෙන් කොළඹ නගරාධිපති නිල නිවසේ විදුලිය ඊයේ (08) විසන්ධි කර ඇතැයි වාර්තා වනවා.
ගත වී ඇති මාස හතර තුළ විදුලි බල මණ්ඩලයට නගරාධිපති නිල නිවස වෙනුවෙන් අය විය යුතුව ඇති මුළු විදුලි බිල් වටිනාකම ලක්ෂ 6 කට අධික බවයි පැවසෙන්නේ.
මීට මාස කිහිපයකට පෙරද එහි විදුලි බිල ලක්ෂ අටේ සීමාව ඉක්මවා ගිය අවස්ථාවක, කොළඹ මහ නගර සභාව විසින් මහජන බදු මුදල් වලින් එම බිල්පත් ගෙවා දමා තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.