බයිට් එකට මඤ්ඤොක්කා කෑ කුරුණෑගල සැමියාට බිරිඳ ඉඟුරු තේ දීලා!

තමන් අකැමැත්ත පළ කරද්දී මිතුරන් සමඟ මත්පැන් සාදයකට ගොස් කටගැස්මට මඤ්ඤොක්කා කෑ බව කී සැමියාට ඉඟුරු දමා තේ දුන් බිරිඳක් පිළිබඳ පුවතක් කුරුණෑගලින් වාර්තා වනවා.
විවාහ වන්නට පෙර දැඩි ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී සිටි බව කියන මේ පුද්ගලයා ඇති කරගත් ප්‍රේම සම්බන්ධයකින් පසු අදාළ තරුණිය සමඟ විවාහ වී ඇත්තේ තමන් සියලු දුසිරිතෙන් තොර පුද්ගලයෙකු ලෙස හුවා දක්වමින්.
නමුත්, විවාහයෙන් පසු රාත්‍රී අතිකාල දීමනා ලබා ගැනීමට රැකියාවට යන බව බිරිඳට පවසා ඔහු සති අන්තයේ මිතුරන් සමඟ මත්පැන් සාද පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත්, පසුගිය දිනෙක මත්පැන් සාදයක් අතරතුර බිරිඳ දුන් දුරකථන ඇමතුමකට පිළිතුරු දීමට යාමේදී බමන මතින් සිටි ඔහුට වචන පැටලීම නිසා බිරිඳට වෙනසක් දැනී බැන වැදී ඇති අතර සාදය පසෙක තබා ඔහු නිවසට පැමිණ තිබෙන්නේ බිරිඳ තමන් සමඟ ආරවුලක් ඇති කරගනීවි යැයි බියෙන්.
රාත්‍රියේ නිහඬවම නිවසට පැමිණි තම සැමියා සමඟ ඉතා සුහදව කතා කළ ඇය චාටුවෙන් ඔහුගෙන් මතට ලොල් මිතුරන්ගේ වගතුග සහ එදින සාදය පිළිබඳ තොරතුරු අසා දැනගෙන තිබෙනවා.
තමන් කටගැස්මට තැම්බූ මඤ්ඤොක්කා කෑ බව කී සැමියා, තමන් සමඟ අමනාප නොවන ලෙසත්, මින් පසු මත්පැන් පානය නොකරන බවත් පවසා තිබෙන බවයි කියැවෙන්නේ.
පසුව බිරිඳ විසින් ඔහුට ඉඟුරු දමා තේ කෝප්පයක් සාදා දී වාහනයක් ගෙන්වාගෙන නිවසින් පිටව ගොස් තිබෙනවා.