හොරෙන් වාහන ඉස්සුවොත් සීසර්ලාට වැඩ වරදී!

ලීසිං වාරික ගෙවීම ප්‍රමාද වූ විට සීසර්වරුන් යොදවා වාහන බලහත්කාරයෙන් පැහැර ගැනීමට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක් කිරීමට ඉල්ලීම් කළ හැකි බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරන්නේ යම් ලීසිං සමාගමකට හිඟ වාරික නොගෙවූ වාහනයක් නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැනුම්වත් කර නිලධාරීන් කිහිපදෙනෙකු ඒ සඳහා ලබා ගත හැකි බවයි.