බස් එකෙන් මඟුලට ගියපු අය ආපහු ආවෙ හරක් ලොරියේ – කළුතර ඩෝප් කතාවක්

විවාහ උත්සවයක් සඳහා බස් රථයකින් ගෙන ගිය පිරිසක්, බීමත්කම වැඩිවීම හේතුවෙන් හරක් පටවන ලොරියක දමාගෙන ආ පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තම ඥාති පුත්‍රයෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීම සඳහා ඥාතීන් පිරිසක් ප්‍රදේශයේ සුඛෝපභෝගී බස් රථ කුළිය⁣ට සපයන පුද්ගලයෙකුගෙන් බස් රථයක් ඉල්ලුම් කර ඇතැයි සඳහන්. ඒ අනුව අදාළ පුද්ගලයා විසින් ම බස් රථය පදවාගෙන මංගල උත්සවයට පිරිස ගෙන ගොස් තිබෙනවා.

විවාහ මංගල්‍යය නිමා වී පිරිස බස් රථයට ගොඩ වන විට යහතින් ගිය පිරිසෙන් කාන්තාවන් හැරෙන්නට පිරිමි සියල්ලන්ම පාහේ පදමට වෙරි වී, සිහියක් නොමැතිව සිටි බවයි කියැවෙන්නේ.

ඔවුන් හෝටල් පරිශ්‍රයේ වමනය කරමින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් තමන්ගේ රථයට ඔවුන් නංවා ගැනීමට රියැදුරුවරයා තම අකැමැත්ත පළ කර තිබෙනවා.

පසුව කරන්නට දෙයක් නොමැති ම තැන ඔහු තම සේවකයෙකුට දුරකථන ඇමතුමක් දී තමන්ට අයත් ගව ගාලේ ගවයන් ප්‍රවාහනය කරන ලොරි රථය ගෙන්වාගෙන බීමත් පිරිස එයට නංවා ⁣ගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button