ප්‍රසිද්ධ සමාගමකට අයත් චොකලට් එකක ඇඟිල්ලක කොටසක්?

මහියංගනය මූලික රෝහලේ සෞඛ්‍ය නිලධාරිනියක මිලදී ගත් චොකලට් එකක තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමු වී තිබෙන පුවතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.
එම සෞඛ්‍ය නිලධාරිනිය විසින් මහියංගනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කිරීමෙන් පසුව එය මිනිස් ඇඟිල්ලක මුල් පුරුකක් බව හඳුනාගත් බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය තරඟකාරී ආයතනයක කූඨ උපක්‍රමයක් හෝ සංවිධානාත්මක මඩ ප්‍රචාරයක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.