“පාංශුකූලය දෙන්න නම් රු, 24,000 ක් දඩ ගෙවන්න” – අබුද්ධස්ස කාලේ කතාවක්

තම මවගේ අවසන් කටයුතු වෙනුවෙන් පාංශුකූලය ලබා දීම⁣ට ප්‍රදේශයේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි හෙයින් එයින් තමන්ගේ ආගමික අයිතිය අහිමි කර ඇතැයි පුද්ගලයෙකු විසින් දිඹුලාගල පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් අදාළ ස්වාමීන් වහන්සේ ගෙන්වා කළ ප්‍රශ්න කිරීමකදී සඳහන් කර ඇත්තේ මිය ගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයින් වසර දෙකක කාලයක සිට විහාරස්ථානයට දානය නොදුන් නිසා, පාංශුකූලයට සහභාගී වීමට නම් මාසයකට රුපියල් 1,000 බැගින් අවුරුදු 2ක් සඳහා රුපියල් 24,000 ක මුදලක් විහාරස්ථ දායක සභාව⁣ට ගෙවන ලෙසයි.

සිද්ධිය සමථයකට පත් කිරීම⁣ට පොලිස් නිලධාරීන් කොතෙකුත් උත්සාහ ගත්තත් අදාළ ස්වාමීන් වහන්සේ පාංශුකූලය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් මැදිහත් වී වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා වැඩමවා අවසන් කටයුතු සඳහා පාංශුකූලය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මිය ගිය කාන්තාවගේ පුත්‍රයා පවසන්නේ අවුරුදු 2කට වැඩි කාලයක සිට සිය මව අසනීප තත්වයකින් පසුවීම හේතුවෙන් විහාරස්ථානයට දානය ලබා දීමට නොහැකි වූ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button