ජවිපෙට විරුද්ධව ප්‍රියාන් මැණික් දේශපාලනයට?

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එරෙහිව ඉදිරියේදී තමන් දේශපාලනයට පිවිසෙන බව ප්‍රකට මැණික් ව්‍යාපාරික ප්‍රියාන් පුෂ්පකුමාර පවසනවා.
ඒ, සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින්.
ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකු විසින් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලන ලද පුවතක් පසුගියදා පුවත්පත් වාර්තා කර තිබූ අතර ප්‍රියාන් පුෂ්පකුමාර චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුද්ගලයෙකුගේ ෆේස්බුක් පිටුවක් හරහා එම චෝදනාවට ලක් වූ ව්‍යාපාරිකයා තමන් යැයි හුවා දක්වමින් අසත්‍ය ප්‍රචාර කර ඇති බවයි.
එවන් ප්‍රචාර සිදු කිරීම නතර නොකළහොත් අකැමැත්තෙන් හෝ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව තමන් දේශපාලනයට පිවිසෙන බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටින්නේ.
එම වීඩියෝව පහතින්.