නාමල්ගේ මංගල්ලයෙන් ලංවිමට ලක්ෂ 26 ක පොල්ලක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වීරකැටිය නිවසේ 2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යය සඳහා තාවකාලික විදුලි පහන් සහ විදුලි ජනක යන්ත්‍ර සැපයීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට අය විය යුතු ලක්ෂ 26 කට අධික මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වනවා.
ඒ, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබූ අයැදුම්පතකට විදුලි බල මණ්ඩලයෙන් ප්‍රතිචාර ලෙස නිකුත් කෙරුණු ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟයි.
එම ලිපිය පහතින්.