ග්‍රේට් වෙස්ටර්න් නාඳුනන මළ සිරුරේ ‘මදුශංක’ නමින් පච්චයක්

තලවකැලේ,⁣ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබියදී හමු වූ නාඳුනන කාන්තා මළ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු නර ඇති බව වාර්තා වනවා.

මිය ගොස් ඇති කාන්තාව අවුරුදු 40 ත් 45 ත් අතර වයසේ පසුවන අතර ඇගේ වම් අතේ මැණික් කටුව ආසන්නයේ “මදුශංක” නමින් පච්චයක් ⁣කොටා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම නාඳුනන කාන්තාව පිළිබඳ තොරතුරක් දන්නේ නම් ළිඳුල පොලීසිය දැනුම්වත් කරන ලෙසයි.

මේ අතර, මෙම අභිරහස් මරණයත් සමඟ ග්‍රේට් වෙස්ටර්න් රක්ෂිතයට ඇතුළු වීම සහ එහි කඳවුරු බැඳීම තහනම් කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button