අනියම් පෙමක් නිසා තර⁣ඟෙට ළිඳට පැන්න කෑගල්ලේ අඹු සැමි යුවල

අනියම් සම්බන්ධයක් මූලික කරගෙන ඇති වූ පවුල් ආරවුලක් මත ළිඳට පැන දිවි තොර කර ගන්නට උත්සාහ කළ අඹු සැමි යුවලක් පිළිබඳව කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිද්ධියට සම්බන්ධ සැමියා වැන්දඹු කාන්තාවක සමඟ මෑතක සිට අනියම් සම්බන්ධයක් පවත්වන බව අදාළ භාර්යාව⁣ට හෙළි වීමත් සමඟ දෙදරු මවක් වන ඇය දිව ගොස් නිවසට නුදුරින් පිහිටි ළිඳකට පැන ඇත්තේ දරුවන් හඬා වැටෙද්දී.

වාසනාවකට මෙන් ඇය ළිඳට පනිනු දුටු අසල්වැසි කාන්තාවක විසින් ඇයව ⁣ළිඳට පැන බේරා ගෙන තිබෙන්නේ මහත් පරිශ්‍රමයක් දරමින්. ගල් සෙවෙල වලින් නැහැ වුණු ඇයව ගොඩට ගෙන එද්දීම දිව ආ ඇගේ සැමියා ද එම ළිඳට ම පැන තිබෙනවා.

අසල්වැසියන් කිහිපදෙනෙකු මැදිහත් වී සැමියාගේ ද ජීවිතය බේරා⁣ගෙන ගොඩට ගනිද්දී, ඔහුගේ භාර්යාව නැවත ළිඳට පැන ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් මෙම සිද්ධිය ප්‍රදේශයේ බොහෝ දෙනාගේ උසුළු විසුළුව⁣ට ලක් වන බව වාර්තා වුවත්, දරුවන් සිටින දෙමාපියන් පවුල් ආරවුල් විසඳා ගැනීමේදී මීට වඩා කල්පනාකාරී විය යුතු බව මෙ⁣හිදී අවධාරණය කළ යුතු ම කරුණක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button