ජය ශ්‍රී ලා කාලෙකට පස්සේ අලුත් නිර්මාණයකින් 

ජය ශ්‍රී අයියා මලෝ පහුගිය දවස් කීපය පුරාම සමාජ මාධ්‍ය තුළ එක එක කතා මැව්වා. මේ අතරේ ඩයමන්ඩ් ගැනත් කතාවක් පැතිරුණා. කොහොම වුණත්, මේ ගැන ඇත්ත නැත්ත හෙළිකරපු ජය ශ්‍රී ලා එයාලගේ අලුත්ම ගීතය ‘මතුවෙන්න – The Diamond Story’ නමින් ජය ශ්‍රී යූ ටියුබ් චැනල් එකට මුදාහැරලා තියෙනවා. සමන් අමුණුකන්ද‍ ගේ පද හා රූප රචනයෙන් නිර්මාණය වුණු ‍මෙහි සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්) ගෙන්.

‘මතුවෙන්න’ ගීතය පුරාම දකින්න ලැබෙන සුවිශේෂී සංකේතය වෙලා තියෙන්නේ ඩයමන්ඩ්‍. ගීත‍යේ තේමාව වෙලා තියෙන්නෙත් තමන්ගේ හැකියාවන් ඔප මට්ටම් කරගෙන දියමන්තියක් වගේ මතුවෙන්න කියන පණිවිඩයයි‍. සැඟවී නොඉඳ, තමන්ට හිමිවුණු සුවිශේෂී කුසලතා ඔප මට්ටම් කරගෙන දියමන්තියක් වගේ මතුවෙන්න කියන අදහස මේ ගීතයෙන් පවසනවා. 

‘ජයපැන් බොන්නට 

හිතවත් වෙන්නට 

අනාගතය දකිනා 

යහ මිනිසුන් මැද තුරුම්පු උතුරා ලොවම රසෙන් බැ‍ඳෙනා’ 

යනුවෙන් මේ ගීතයෙන් ආරාධනා කරන්නේ සමස්ත තාරුණ්‍යයටයි. 

 

ජය ශ්‍රී ලා ප්‍රසංග වේදිකාව තුළ කරපු නිර්මාණ අපි මෙතෙක් කාලයක් දුටුවා. ඒත්, ප්‍රසංග වේදිකාවෙන් අහන්නට ලැබෙන ගීතයෙන් ඔබ්බට ගිහිං, ජය ශ්‍රී කරපු මේ නිර්මාණය තුළින් ඔවුන්ගේ රසිකයින්ට අමතක නොවන අලුත්ම අත්දැකීමක් එක්කරනවා.  ඒවගේම, ලෝකේ කොහේ හිටියත් ජය ශ්‍රී ලා ලාංකිකයින් සමගම ඉන්නවා කියන හැඟීම් මේ ගීතයෙන් යළි යළිත් සිහිපත් කරනවා.

දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය හා යාපනය ප්‍රදේශ ආශ්‍රිතව මෙහි රූපගත කිරීම් සිදුවෙලා තියෙනවා.‍ මෙහි රූපගත කිරීම් වලදීත් ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් එක්වුණු ජනතාවගෙන් සුවිශේෂී සහයෝගයක් හිමිවුණු බව ජය ශ්‍රී ලා මීට පෙර සම්මුඛ සාකච්ඡා වලට එක්වෙමින් පවසලා තිබුණා.  

‘මතුවෙන්න’ ගීතයේ රසමුසු තැන් විඳගන්න එක්වෙන්න… 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button