“සිය පාරක් කිව්වත් RDA එක කොටලීය පාලම හැදුවෙ නෑ” – මෛත්‍රී

පසුගිය ජූලි 09 වනදා මගී ජීවිත 11ක් අහිමි කරමින් බස් රථ අනතුරක් සිදු වූ මනම්පිටිය, කොටලීය පාලම නවීකරණය කිරීමට තමන් මුදල් වෙන් කළත්, මාර්ග සංවර්ධන අධිකාරිය ඒ වෙනුවට වෙනත් පාලම් තෝරාගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ, සතිඅන්ත ජාතික පුවත්පතකට අදහස් දක්වමින්.

“කොටලීය පාලම හදන්න සිය පාරකට වඩා මාර්ග සංවර්ධන අධිකාරියට කිව්වා. සල්ලිත් වෙන්කළා. ඒගොල්ලො ඒ වෙනුවට වෙන වෙන පාලම් තෝරාගත්තා. මින්නේරිය පාරේ හබරණ තියෙන පාලමක් ඔවුන් තෝරාගත්තා. දැන් ඒකත් යකඩ බට එහෙන් මෙහෙන් දාලා රතුපාට ලයිට් දා⁣ගෙන තියාගෙන ඉන්නවා හදලා නෑ.

ඒ කාලේ ඕව කරන්න මුදල්වලින් අඩුපාඩුවක් තිබුණෙ නෑ. මුදල් තිබුණා නමුත් කළේ නෑ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button