ආදර්ශාගේ පළමු විවාහයේ සාක්ෂියට අත්සන් කර ඇත්තේ ආශු මාරසිංහලු ? රටම දන්න ආදර්ශාගේ නොදන්නා පැටිකිරිය මෙන්න

ආදර්ශා කරඳන නමැති තරුණියක් ලංකාවේ සිටියාදැයි දෙතුන් සතියකට පෙර රටේ කිසිවනු දැන සිටියේ නැති තරම්ය. දැන සිටියේ නම් ඈ ආශ්‍රය කරන තුන් හතර දෙනෙක් පමණකි. ඒ ගොඩේ ආශු මාරසිංහ, බුද්ධික පතිරණ ඇතුළු දේශපාලනඥයන් සිටි බවට සැක නැත. එනමුත් දැන් ආදර්ශා කරඳන ගැන දන්නේ ආශු මාරසිංහ බුද්ධික පතිරණලා පමණක් නොවේ.

තිලිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, ඩයනා ගමගේ වැනි කතුන් ඉකුත් කාලේ ලද ප්‍රසිද්ධියට නොදෙවැනි ප්‍රසිද්ධියක් ආදර්ශා කරඳන දැන් හිමිකරගෙන සිටින්නීය. ඈ කරළියට ආවේ බලු වීඩියෝවක් සමගය. එම වීඩියෝව එළියට දැම්මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග එක් වීය. ඈ රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශකව සිටි මහාචාර්ය ආශු මාරසිංහ සමග අඹුසැමියන් සේ එකට වාසය කළ පෙම්වතිය බව රටම දැන ගත්තේ එකී ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුවය. දැන් එම ප්‍රවෘත්ති සාකච්ඡාව මුදාහැරි වීඩියෝව භූමරංගයක් සේ ඇයටම කැරකී ආවේය. ඒ සමග කලකට ඉහතදී ඇය බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා හෝටලයකට ගෙන්වා ගැනීමට කතාකර මත්පැන් ඇණවුම් කරන දුරකතන සංවාදයක්ද කරළියට ආවේය. ඒ ගැන මන්ත්‍රිවරයා කීවේ එය පරණ කතාවක් බවය. එහෙත් තමන් අමද්‍යප බවත් තම විවාහ මංගල්‍යයටත් මත්පැන් නොදුන් බව ප්‍රසිද්ධියේ කියන බුද්ධික පතිරණ මන්ත්‍රිගේ රෙදිත් ආදර්ශා නිසා ගැලවුණේය.

කෙසේ නමුදු අන්තිමේ දී ඈ නඩුවක සැකකාරියක් බවට පත් වූයේ ආශු මාරසිංහට බැටේ දෙන්නට ගොස්ය.

රටේ දේශපාලනඥයන් අතරේ මේ දිනවල කතාබහට ලක්වන කවුද මේ ආදර්ශා කරඳන?

මහරගම, පන්සල පාර පදිංචි කරඳන ගමරාලලාගේ වනිතා ආදර්ශනී නොහොත් ආදර්ශා කරඳනගේ ගම බණ්ඩාරවෙලය. ඈ 2019 අගෝස්තු 02 වැනිදා අසංග වනිගසේකර නමැති අය සමග නීත්‍යනුකූලව විවාහ වී තිබේ. නමුත් ඇගේ විවාහය දුරදිග ගියේ නැත. මාස කීපයකට පසු ඈ තවත් අයෙකුගේ පෙම්වතියක් වූවාය. ඒ මුහුණු පොත හරහා හඳුනා ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ සමගය.

ආදර්ශා කරඳන සහ අසංග වනිගසේකර සමග 2019 අගෝස්තු 02 වැනිදා විවාහ වන අවස්ථාවේ දී මනාලියගේ පාර්ශ්වයෙන් සාක්ෂියට අත්සන් කර ඇත්තේද ආශු මාරසිංහය. 2019 නොවැම්බර් මාසයේ දී ආදර්ශා කරඳන සහ අසංග වනිගසේකර වෙන්ව ජීවත් විය.

ආදර්ශා කරඳන සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන්වූ පසු තම ෆේස්බුක් පෙම්වතා වූ ආශු මාරසිංහ සමග අඛණ්ඩව සබඳතා පවත්වා තිබිණි.

තමා පද්මා විජේවර්ධන සමග විවාහ වී සිටින බවත් එම විවාහය අසාර්ථක වූ හෙයින් 2020 මාර්තු මාසයේ සිට වෙන්ව සිටින බවත් තම බිරිඳට මානසික ප්‍රශ්නයක් තිබෙන නිසා ඇය සමග තමාට ජීවත්වීමට නොහැකි බවත් ආශු මාරසිංහ සිය පෙම්වතිය වන ආදර්ශා කරඳනට පවසා තිබේ.

පද්මා විජේවර්ධන සමග ඇති වූ විවාහය දික්කසාදයෙන් අවසන් වූ පසුව ආදර්ශා කරඳන විවාහ කර ගන්නා බවට ආශු මාරසිංහ පොරොන්දු වී ඇති බව පැවසේ. ඒ අනුව 2020 ජුනි මාසයේ සිට ආශු මාරසිංහගේ ඉල්ලීම මත ආදර්ශා කරඳන සහ ආශු මාරසිංහ අඹු සැමියන් වශයෙන් ජීවත් විය.

ආශු මාරසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතවතකු වන අතර ඔහු ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු ලෙසද කටයුතු කළේය. ආශු මාරසිංහ විසින් 2020 ජූලි මාසයේ සිට ග්ලෝබල් ස්කිල් ඩිවලොප්මන්ට් ඇකඩමි (Global Skills Development Academi) පුද්ගලික ආයතනයක් පවත්වාගෙන ගියේය. ජපානයට යැවීමට ශ්‍රමිකයන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙස එය පවත්වාගෙන ගොස් තිබිණි.

ජපානයට යැවීම සඳහා හෙද සේවා කටයුතු පුහුණුව සඳහා එක් අයකුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක්ද, ආහාර පාන සේවා කටයුතු පුහුණුව සඳහා රුපියල් ලක්ෂ දෙකක්ද. තාක්ෂණ ඉංජිනේරු සේවා පුහුණුව සඳහා එක් අයකුගෙන් රුපියල් ලක්ෂ තුනක්ද ගනිමින් එම ආයතනය ආශු මාරසිංහ විසින් පවත්වාගෙන ගොස් තිබේ.

ඊට අමතරව එලෙස පුහුණුව ලබන ශ්‍රමිකයන්, ජපානයට යැවීම සඳහා රැකියා නියෝජිතායතනයක්ද ආශු මාරසිංහ විසින් පවත්වාගෙන ගොස් තිබේ. එසේ ජපානයට යැවීමට එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 07ක මුදලක් වෙනමම අය කරගෙන තිබිණි.

ආශු මාරසිංහගේ ඉල්ලීම මත ඔහුගේ පෙම්වතිය වන ආදර්ශා කරඳන අදාළ සමාගම් දෙකෙහි අධ්‍යක්ෂවරියක ලෙස පත් කරගෙන එහි වැඩ කටයුතු ඇයට භාර දී තිබේ. ආශුගේ පෙම්වතිය එලෙස සමාගම්වල අධ්‍යක්ෂවරියක් ලෙස පත්වීමෙන් අනතුරුව එතෙක් 20ත් 30ත් දක්වා සිටි පුහුණු පිරිස 2021- 2022 අතර කාලයේ දී 1850 දක්වා වර්ධනය කර ගැනීමට සමත් වූවාය.

ජපානයට රැකියා සඳහා යොමු කරන පිරිස වර්ධනය වීමත් සමගම ආශු මාරසිංහගේ සමාගමේ ආදායමද රුපියල් කෝටි ගණනින් වර්ධනය විය.

සිය සමාගමට රුපියල් කෝටි 20කට අධික මුදලක් ලැබීමෙන් අනතරුව ආශු මාරසිංහ සහ ආදර්ශා කරඳන 2021 ජූලි මාසයේ දී කොළම 08, පැල්පොල විපස්සි හිමි මාවත පිහිටි මහල් 04කින් යුත් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් රුපියල් පන් ලක්ෂ හැත්තෑ පන්දහසක මාසික කුලියට ගෙන තිබේ. ඒ සා මුදලක් වැයකරන සුපිරි නිවස ඇය කුලියට ගෙන තිබුණේ තම බලු පැටියාට වායුසමීකරණ ඇති ගෙදරක සිටිය යුතු බව කියමිනි. එම සුනඛයා ලංකාවේ හැදුණු සතෙකු නොවේ.

රුපියල් කෝටි 20කට අධික ධනය ලැබීමත් සමග ආශු මාරසිංහ සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයකු බවට පත් වූ බව ආදර්ශා කරඳන පවසන්නීය. ආශු මාරසිංහ අන්තර්ජාලයේ පළ වූ සුරූපි නිළියන් සහ විවිධ ලිංගික පහසුකම් සපයන කාන්තාවන් සමග සම්බන්ධ වී ඔවුන් සමග ලිංගික හැසිරීමට පටන් ගත් බවද ආදර්ශා කරඳන සඳහන් කරයි.

2022 ඔක්තෝබර් මාසයේ දී ආශු මාරසිංහ තමා විසින් නිවසේ ඇති කරන ලද සුරතල් ගැහැනු බලු පැටියා සමග අස්වාභාවික ලිංගික ක්‍රියාවල යෙදුනු බවත්, තමා එකී ක්‍රියාවන් වීඩියෝ ගත කරන ලද බවත් ආදර්ශා කරඳන, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත තමාට එරෙහිව ඇති නඩුවේ දී හෙළි කළාය.

2022 නොවැම්බර් 06 වැනිදා කාන්තාවක් නිවසේ සේවයට ගත් බවත් තමාගේ අනුමැතියකින් තොරව ඇය ලවා ආශු මාරසිංහ සම්බාහන කටයුතු සඳහා යොදා ගෙන තිබෙන බව ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශන අධිකරණය වෙත ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් වික්‍රමරත්න මාර්ගයෙන් ඉදිරිපත් කළ බව ආදර්ශා කරඳන සඳහන් කළාය.

ආශු මාරසිංහගේ දේශපාලන බල පුළුවන්කාරකම් මත ඔහුගේ සහ ඔහුගේ හිතවතුන්, මිතුරන්ගේ කටයුතු සඳහා කෙළින්ම අමතන්නේ පොලිසිය භාර ඇමැති ටිරාන් අලස්ට සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට බවද ආශුගේ පෙම්වතිය අධිකරණයට දන්වා තිබේ.

ආශු මාරසිංහ සුනඛයකු සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් මුදා හැරීමෙන් අනතුරුව තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එසේ වුවහොත් තමාට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් නීතිඥ මර්වින් සිල්වා, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් වික්‍රමරත්න මාර්ගයෙන් ආදර්ශා කරඳන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප ඇයැදුම්පතක් ඉදිරිපත් කර තිබිණි.

එම අපේක්ෂිත ඇප අයැදුම්පත ඉකුත් 10 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේ දී ආශු මාරසිංහ ද අධිකරණයේ කෙළවරක වූ අසුනක වාඩි වී සිටියේය. එම අයැදුම්පත විභාග කරමින් සිටියදී ආදර්ශා කරඳන වෙනුවෙන් පෙනී සිටින ​ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් වික්‍රමරත්න විසින් ආශු මාරසිංහ සම්බන්ධයෙන් ඡායාරූප පෙන්වීමත් සමග එතෙක් අධිකරණයේ අසුන්ගෙන සිටි ආශු මාරසිංහ ඉන්පසු දක්නට නොලැබිණ.

‘‘ආශු මාරසිංහ කියන්නේ ජපානයේ මහාචාර්යවරයකු ලෙස සේවය කර ලංකාවට පැමිණ ව්‍යාපාර සහ දේශපාලන කටයුතුවල නිරත වන අයෙක්. ආදර්ශා කරඳන සහ ආශු මාරසිංහ අතර සිදුවූ පුද්ගලික සිද්ධියකට අදාළ වීඩියෝවක් මාධ්‍යට මුදා හරින බවට තර්ජනය කරමින් රුපියල් කෝටි 10ක කප්පමක් ආදර්ශා කරඳන ඉල්ල සිටියා. මෙම වීඩියෝ පට මාධ්‍යට මුදා හැරීමට පෙර ආශු මාරසිංහ අපරාධ පරීක්ෂණ ​දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එලෙස පැමිණිලි කළ බව දැනගත් ආදර්ශා කරඳන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග එක්වී මාධ්‍ය හමුවක් පවත්වා වීඩියෝ පටය මුදාහරිනු ලැබුවා.’’ යැයි ආශු මාරසිංහගේ නීතිඥ චමින්ද අතුකෝරාල, අධිකරණය වෙත දනුම් දී තිබේ.

‘‘ආදර්ශා කරඳන නමැත්තිය ප්‍රසිද්ධ පුද්ගලයන් සමග සබඳතා පවත්වමින් ඔවුන් සමග සිටින දර්ශන පටිගතකර ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බවට බියවද්දමින් කප්පම් ගැනීමට කටයුතු කර තිබෙනවා.’’ යැයි ද නීතිඥ චමින්ද අතුකෝරාල අධිකරණයේ දී කීවේය.

තම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුසුකරන බවට තර්ජනය කරමින් රුපියල් කෝටි 10ක කප්පමක් ඉල්ලූ බවට ආශු මාරසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තුව වෙත කර තිබූ පැමිණිල්ලට අදාළව ආදර්ශා කරඳන ඉකුත් 11 වැනිදා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ භාර වූවාය. ඉන්පසුව අත්අඩංගුවට පත් වූ ඇය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන ඇය ඇපමත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉෂාර රත්නකාර