මගේ පාලනයක් යටත් ජනාධිපති මන්දියේ කොම්පියුටර් පන්තියක් දානවා…

සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ විසුම්පාය තොරතුරු තාක්ෂණ ඉංග‍්‍රිසි බසින් නොමිලේ උගන්වනු ලබන ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන ගොඩනැගිලි ශ්‍රී ජයවර්ධනපුර ගෙන යන බවද පැවසූ ඔහු බංකොලොත් රටවලට මන්දිර දේශපාලනයක් උවමනා නැතැයිද පැවසීය.

තම පාලනය යටතේ ජනාධිපති අගමැති මන්දිරවල සිදු කරන සුඛෝපභෝගී දේශපාලනයක් අවසන් කරන බවද හෙතෙම කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.