“මං මුලින්ම කරේ කාර් හෝදපු එක..ඒත් අද මං කාර් සේල් එකක අයිතිකාරයෙක් “

“මං මුලින්ම කරේ කාර් හෝදපු එක..තනියම මුර කරලා කාර් ටික බලාගත්තා..ඒත් අද මං කාර් සේල් එකක අයිතිකාරයෙක්”

මෙහෙම කියන්නේ චමින්ද මුතුකුමාර මහත්මයා.අඩියෙන් අඩිය ජීවිතේ ඉස්සරහට ආව ඔහු මේ වෙද්දි ව්‍යාපාර කිහිපයකම හිමිකරුවෙක් වෙලා අවසානයි.

තමන් දන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්න කියන එක ඉස්සර ඉඳලා අපේ ජන වහරේ එන දෙයක්.චමින්ද මහත්මයා තමන් හොඳින්ම දන්න වාහන අලෙවියට පිවිසෙන්නේ ඒ නිසාවෙන්මයි.

කලුතර මූලික කරගෙන ඒ විදිහට අරඹපු ඔහු මේ වන කොට ජපන් ආහාර අලෙවි කරන creamy රෙස්ටුරන්ට් එකේ වගේම ගාල්ල සහ කලුතර දිස්ත්‍රික්කවලට ඖෂධ බෙදා හරින සැපයුම් හලකත් හිමිකරුවෙක්.

නමුත් ඔහුගේ ආරම්භය නම් ඒ තරම් සුන්දර එකක් නෙවෙයි.

“එක වෙලාවක මට උත්තර නැතිව,කරන්න ඕනේ මොනවද කියලා හිතාගන්න බැරිව මං බැංකුවට ගියා.ඒ ගියේ හිස් අතින්..හැබැයි ඒ වෙලාවෙදි බැංකුව මට උදව් කරා.මං අදටත් ඒකයි සෙලාන් බැංකුවට ස්තූතිවන්ත වෙන්නේ”

ඔහු වාහන අලෙවි සැලක හිමිකරුවෙකු වුවද අදටද ඔහුට ඔහුගේම කියා වාහනයක් නැති වීමම පුදුම සහගතය.

ඔහු එයට ලබා දෙන්නේ හරි අපූරු පිළිතුරකි.

“මං කැමතියි සැහැල්ලුවෙන් ඉන්න.බොරු සෝබනේට මං ආසා නැහැ.මං කොහොම මොන වාහනේක ගියත් චමින්ද ,චමින්දමනේ ..”

ඔහු සියල්ල සිදු කරනුයේ සැලසුමකටය.

“මං හැම මාසේම මුල මගේ ටාර්ගට් එක ගැන හිතනවා.ඒ වෙනුවෙන් මන් ප්ලෑන් කරලා මහන්සි වෙලා වැඩ කරනවා”

ඔහුගේ ඒ අපූරු ගති පැවතුම් බොහෝ දෙනාට ආදර්ශයකි.විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තු වන නවකයින්ට ඔහුගේ උපදෙස් ඉතාම වටිනා බව නම් කිව යුතුමය.

“කරන දේ හරියට කරන්න.ඒ වගේම තමයි වෙන කෙනෙක් වට්ටන්න ,තවත් කෙනෙක්ට රිද්දන්න ,එහෙම හිතලා බිස්නස් පටන් ගන්න එපා ”

සැබවින්ම මේ උපදෙස් බොහෝ දෙනාට මතු යම් දිනෙක ප්‍රයෝජනවත් වන බව නම් නොඅනුමානයි.

ඔහු හා සිදුකළ සම්පූර්ණ වීඩියෝව පහතින්.