ක්‍රීඩා ඇමැතිගේ දියණියන්ටත් වීසා ඉල්ලුවේ ක්‍රිකට් ආයතනයෙන්?

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති පන්දු වාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනය මගින් වීසා ඉල්ලුම් කළ පිරිස අතරට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ දියණියන් දෙදෙනාගේ නම් ද ඇතුළත්ව තිබූ බව අනාවරණය වී තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාගේ නමට අනුමැතිය ඉල්ලා තිබූ පිරිස අතරට ඔවුන්ගේ නම් ඇතුළත්ව තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය පවසන්නේ තරඟාවලිය නැරඹීම සඳහා ඔවුන් වෙත ලිපි නිකුත් කළද ඔවුන්ගේ සංචාර සඳහා තම ආයතනය කිසිදු මුදලක් වැය නොකළ බවයි.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන, අමාත්‍යවරයාගේ දියණියන් දෙදෙනාගේ නම් සඳහන් එම ලිපිය පහතින්.

මේ අතර විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති විශේෂාංගයකට එක් වෙමින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කියා සිටියේ තම පවුලේ පුද්ගලික සංචාරයක් සඳහා තම දියණියන්ට වීසා ඉල්ලුමි කිරීම සඳහා ඇමැති උපදේශකවරයාගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ ඔහු විසින් ක්‍රිකට් ආයතනය වීසා ඉල්ලුම් කරන ආයතනය හරහා වීසා ඉල්ලුම් කර තිබූ නමුත්, දියණියන් එම සංචාරය සඳහා සහභාගී නොවූ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button