ARTICLES

“කරන දේ හරියට කරන්න” වෙඩින් එකක් නිසා ජීවිතයම වෙනස් කරගත් මිනිසෙකුගේ කතාව

“කරන දේ හරියට කරන්න..ඒ දේ එන්ජෝයි කරන්න ”

මේ අපේ රටේ විතරක් නෙවෙයි,ලොව ඕනෑම ව්‍යාපාරයකටම පොදු රහසක් .

“මම කලින් බිස්නස් එකක් කරා.මට ඒකෙන් මුදල් ලැබුනා.හැබැයි තෘප්තියක් ලැබුනේ නැහැ”

මේ poru flora ආයතනයේ හිමිකරු ප්‍රතිභා චන්ද්‍රසිරි මහතාගේ කතාවයි.poru flora යනු වසර ගණනාවක් තිස්සේම මෙරට නිර්මාණාත්මක මල් කලාව තුළින් බොහෝ දෙනාගේ මංගල සිහිනය සැබෑ කරවන්නට දායක වූ ප්‍රමුඛ ආයතනයක් වනවා.

නමුත් ඔහු මේ ව්‍යාපාරයට ප්‍රවිෂ්ඨ වන්නේත් අහඹු ලෙසයි.

“මම මගේ වෙඩින් එකේ මල් සැරසිලි වැඩ ටික තනියම කරගත්තේ.ඒක දැකලා වෙනත් කෙනෙක් මට කිව්වා එයාගේ වෙඩින් එකත් කරල දෙන්න කියලා.එක මම හොඳින් කරා.අන්තිමට මට තවත් එහෙම ඕඩර්ස් ලැබුනා”

මෙතෙක් දුර ව්‍යාපාර ලෝකයේ ගමනක් එන්නට හේතු වූයේද ඔහුගේ උත්සාහය මෙන්ම ඔහු විසින් ඉටු කරන කාර්‍යය තමාටම තෘප්තිමත් වෙන ආකාරයෙන් සිදු කිරිමට ඔහු තුළ පැවති උනන්දුවයි.

“මම ඉන්දියාවේ සමහර කලා ශිල්පීන්ගේ වෙඩින්ග්ස් වගේම ෂී සෙල්ස් හි උප ජනාධිපති ගේ වෙඩින් එකත් කරලා තියෙනවා.ඒ වගේම පිටරටින් විදේශිකයෝ මෙහෙ ඇවිල්ලා එයාලගේ වෙඩින්ග්ස් ගන්නවා.ඉතින් මං හිතනවා මම රටට ඩොලර් ගෙන්වා ගන්නත් උදව් වෙනවා කියලා”

සැබව්න්ම ඔහුගේ නිර්මාණශීලි බව නිසාවෙන්ම මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අංශ කිහිපයකටම වටින දායකත්වයක් ලැබෙන බව නම් රහසක් නොවේ.

“අපිට ගොඩක් තියෙන ගැටලුවක් තමයි සමහර මල් වර්ග කර්මාන්තයක් විදිහට ලංකාවේ වවන්නේ නැති එක..මොකද අපි අමුද්‍රව්‍ය විදිහට මල් තමයි යොදාගන්නේ”

ප්‍රතිභා චන්ද්‍රසිරි මහතා තමාට ඇති අභියෝග හමුවේ නොසැලුනු චරිතයක් නොවන බව කියන්නට කදිම උදාහරණය ඔහු පසු කරමින් ආ අභියෝගාත්මක කාලයයි.

“පාස්කු සිද්ධිය වෙලාවේ වෙඩින්ග්ස් අටක් විතර නැතිවුනා.ඒ වගේම කොරොනා කාලයේදීත් එහෙමයි ”

නමුත් මේ සෑම අවස්ථාවකම තමාට සිටි ලොකුම සවිය ගැන ඔහු සිහි කරන්නේ ආඩම්බරයෙන්.

“මම ඉස්සර ඉදලම සෙලාන් බැංකුවත් එක්ක ලඟින් වැඩ කරනවා.ඉතින් මට මේ ප්‍රශ්න ආව හැම වෙලාවකම සේවක වැටුප් ගෙවාගන්න පවා උදව් කරේ සෙලාන් බැංකුව.මන් ඒ නිසා විශේෂයෙන්ම එයාල ගැන මතක් කරන්න ඕනේ.”

ව්‍යාපාරික ලොවට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටින අයට ඔහු ලබා දෙන්නේ එකම උපදෙසකි.

“කරන දේ හරියට කරන්න..ඒ දේ එන්ජෝයි කරන්න ”

සැබවින්ම ඔහුගේ දියුණුවේ ඇති රහසද අන් කිසිවක් නොව එයමය.