ARTICLES

යූනියන් ඇෂුවරන්ස් ගනුදෙනුකරුවන්ට ‘ලයිෆ්ස්ටයිල් බෝනස්’ මගින් ත්‍යාග පිරිනමයි

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් අඛණ්ඩව තුන්වන වරටත් ‘ලයිෆ්ස්ටයිල් බෝනස්’  වැඩසටහන ක්‍රියාවට නැංවීමට කටයුතු කළේ ය.

මේ යටතේ, 2022 ජනවාරි 01 දින සිට 2022 මාර්තු 31 දින දක්වා වූ කාලය තුළ ජීවිත රක්ෂණ මිලදීගත් ගනුදෙනුකරුවන් අතරින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 50 දෙනෙකු තෝරාගන්නා ලදි. මේ සඳහා වූ දිනුම් ඇදීම 2022 ජූනි මාසයේදී පැවැත්විණි. මින් ප්‍රථම ස්ථානය හිමිකරගත්, හලාවත ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. අයි. ඩී. වාස් වෙත iPhone 13 Pro Max – 512GB උපාංගයක් හිමි වූ අතර, දෙවැනි ස්ථානය හිමිකරගත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි එස්. පී. වීරසිංහ වෙත iPad Air 2021 – 64GB (cellular & wi-fi), Apple Pencil 2nd Gen සහ Magic Keyboard උපාංගද, තුන්වන ස්ථානය දිනූ යාපනය ප්‍රදේශයේ පී. පුෂ්පලතා වෙත අඟල් 55 Samsung ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක්ද හිමි විය.

මීට අමතරව තවත් ජයග්‍රාහකයන් පිරිසකට HP ලැප්ටොප්, නිවාඩු ගතකිරීමට සිනමන් හෝටල් වෙතින් වවුචර්, අඟල් 43 ස්මාර්ට් රූපවාහිනී, Samsung A-series ස්මාර්ට් දුරකථන සහ Wireless charging සහිත UV Sterilizers ආදිය පිරිනමන ලදි. ජයග්‍රාහකයන්ගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ළඟම පිහිටි යූනියන් ඇෂුවරන්ස් ශාඛා වෙතින් මෙම ත්‍යාග ලබාගැනීමේ අවස්ථාව සලසා දීමට සමාගම කටයුතු කළේ ය.

“යූනියන් ඇෂුවරන්ස් සෑම විටම උත්සාහ කරන්නේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් හොඳම දේවල් තිළිණ කිරීමටයි. අඛණ්ඩව වසර 3 ක් තිස්සේ සාර්ථකව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් අප ගනුදෙනුකරුවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වන ත්‍යාග පිරිනමනවා. ශ්‍රී ලාංකික සිහිනය බලගැන්වීම සඳහා වන අපගේ ප්‍රතිඥාව තුළින් පන්නරය ලබන ලයිෆ්ස්ටයිල් බෝනස් වැඩසටහන, රක්ෂණයේ වටිනාකම අවබෝධ කරගැනීමට ගනුදෙනුකරුවන් තවදුරටත් දිරිගන්වන වැඩසටහනක් ලෙස හැඳින්වීමට පුළුවන්.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

“‘ලයිෆ්ස්ටයිල් බෝනස් 2022’ ඔස්සේ ගනුදෙනුකරුවන්ට ත්‍යාග පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්. සෑම විටම ඔවුන්ට විශිෂ්ටතම අත්දැකීමක් පිරිනැමීමට අප උත්සාහ කරනවා. ‘ලයිෆ්ස්ටයිල් බෝනස්’ යනු එම උත්සාහයේ එක් වැදගත් පියවරක්. ඉදිරියේදීත් මෙම අරමුණ වෙනුවෙන් නිර්මාණශීලී නව ප්‍රවේශයන් භාවිතා කිරීමට අප කටයුතු කරනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මහතා පැවසී ය.

අනපේක්ෂිත අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දීමට අවශ්‍ය මූල්‍යමය රැකවරණය තම ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට වෙත ලබාදෙන අතරම ඔවුන්ට ලයිෆ්ස්ටයිල් බෝනස් වැනි වැඩසටහන් හරහා ත්‍යාග පිරිනැමීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම දිගින් දිගටම කටයුතු කරනු ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ WP/GT/5609 යටතේ ලියාපදිංචි වී ඇති යූනියන් ඇෂුවරන්ස් සමාගම, ලයිෆ්ස්ටයිල් බෝනස් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී, එවැනි වැඩසටහන් සමබන්ධයෙන් රජය මගින් නියම කර ඇති සියලුම අනුකූලතා අවශ්‍යතා සම්පූර්ණ කර තිබේ. එම අවශ්‍යතාවන්ට අනුව, මෙම දිනුම් ඇදීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් පිරිසක් සහ ස්වාධීන බාහිර නිලධාරීන් පිරිසක් විසින් එය අධීක්ෂණය කරන ලදී.

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 ජූනි මාසය වන විට රු. බිලියන 15.7 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීයකරණයක් අත්පත් කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත එම සමාගම, ‘සේවය කිරීමට වඩාත්ම යෝග්‍ය ස්ථානයක්’ වශයෙන් අඛණ්ඩව වසර නවයක් පුරා ‘Great Place to Work©’ ඇගයීමට පාත්‍ර වී ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩිම MDRT සුදුසුකම්ලාභීන් සංඛ්‍යාවක් බිහිකළ ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ අතර, රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.