GOSSIP

දියතලාව කඳවුරේ කැඩෙට් නිලධාරීන්ට ලොක්කන්ගෙන් හිරිහැර

දියතලාව යුධ හමුදා පුහුණු ඇකඩමියේ, කැඩෙට් නිලධාරීන්හට අමානුෂික වද හිංසා දෙන නිලධාරීන් කීප දෙනෙක් නිසා එම පිරිස අපහසුතාවලට පත්ව ඇති බව වාර්තා වෙනවා.

සමහර පුහුණු වන නිලධාරීන් සේවය අත් හැර ගොස් ඇති අතර සමහර අයගේ අත් පා වලට හානි වී තිබෙනවා.

මේවා ලිස්සා වැටීමෙන් හෝ තමන් අතින් සිදුවූ හදිසි අනතුරු ලෙස දන්වන ලෙස බලපෑම් එල්ල කරමින් තර්ජනය කිරීම් නිසා උසස් නිලධාරීන් ට මේ අමානුෂික පහර දීම් වාර්තා නොවන අතර
ඉතා සුළු පිරිසක් කරන මේ ක්‍රියා නිසා පුහුණු වන නිලධාරීන් දැඩි ආතතියකට හා කළ කිරීම් වලට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි ක්‍රියාවන් නිසා හොඳ මානසික සෞඛ්‍යකින් යුත් නිලධාරීන් ඇති කිරීමට මේ සුළු පිරිසගේ ක්‍රියා කලාපය බාධාවක් වී තිබෙනවා.