ARTICLES

ඖෂධ පහසුවෙන් සොයාගන්න PayMaster වෙතින් MediSearch හදුන්වා දෙයි

ලංකාවේ ජංගම දුරකථන පාරිභෝගිකයන් අතර රිලෝඞ් ලබාගැනීම විවිධ  බිල්පත් ගෙවීම මුදල් හුවමාරුව වැනි අවශ්‍යතා රැසකට සහය වන ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන යෙදවුමක් වන PayMaster විසින් රටේ පවතින
වත්මන් තත්වය හමුවේ ඖෂධ පහසුවෙන් ඖෂධ ඇති ස්ථාන සොයාගැනීම සදහා MediSearch නමින් විශේෂාංගයක්එළි දක්වන ලදි.

MediSearch විශේෂාංගය හරහා PayMaster පරිශීලකයින්ට අවශ්‍ය ඖෂධ ඔවුන්ට අවශ්‍ය මොහොතේදීම ලබා ගත හැකි දැයි යන්න ළඟම ඇති ඔසුසැල්වලින් තොරතුරු ලබාගත හැකි අතර MediSearch ජංගම යෙදවුම භාවිතා කරන සියලූම ශ්‍රී ලාංකිකයින්ට MediSearch විශේෂාංගය සදහා නොමිලේ පිවිසිය හැකිය.

මෙය දියත් කිරීමෙන්න්පසු එළඹි පළමු සති දෙක තුළ ඔසුසල්350 කට අධික ප්‍රමාණයක් මෙම ජාලයට සම්බන්ධ වී ඇති අතර ඉදිරි මාස දෙක තුළ දිවයිනේ සියලූම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ජාලය ඔසුසල් 3,000ක් කරා ළඟා වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.

රටේ පවතින වත්මන්තත්වය හමුවේ එදිනෙදා ජීවිතයේ නිතර භාවිතා වනසුලබ ඖෂධ වර්ග පවා සොයමින් ඖෂධ සොයා යන ජනතාවට සහයක් වීම සදහා PayMaster හදුන්වා දෙන ලද මෙම MediSearch යෙදවුම පවතින ඉන්ධන ගැටළුවට විකල්පයක් නිසා බෙහෙත් වර්ග සොයාගැනීමට දුෂ්කරතා මතුව තිබෙන ජනතාවට ද සහනයක් ලබාදෙයි.

PayMaster යනු පෙරගෙවුම් ජංගම Top ups උපයෝගිතා බිල්පත් ගෙවීම්, බැංකු අතර මුදල්හුවමාරුව, රක්ෂණ වාරික ගෙවීම්, Rider settlement, වෛද්‍ය හමුවීම් වෙන්කරවා ගැනීම් සහ තවත් බොහෝ විස්මිත විශේෂාංග
සපයන සම්මානලාභී සහ ඉහළ පිළිගැනීමක් ඇති ශ්‍රී ලාංකික යෙදවුමකි.

PayMaster විසින් පිරිනමනු ලබන සුවිශේෂී අංගයක් වන්නේ In-App ණය පහසුකම වන අතර එමගින් පරිශීලකයින්ට රුපියල් 50,000 දක්වා ණය ලබා ගැනීමේ විකල්පය සපයයි.

මෙම යෙදවුම ඉහළම ජාත්‍යන්තර ආරක්ෂක
ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කර පවත්වාගෙන යනු ලබන අතර ශ්‍රී ලංකා මහ බැංකුව “CBSL& විසින් සකසා ඇති යෙදවුම් සඳහා වන ආරක්ෂක ප්‍රමිති මාර්ගෝපදේශයන්ට ද අනුකූල වේ. එමෙන්ම PayMaster යෙදවුම Google Play
Store” Apple App Store සහ Huawei Store වෙතින් පහසුවෙන් බාගත කළ හැක.