ARTICLES

හැමෝම බිස්නස් අත ඇරපු කාලේ අනිත් මිනිසුන්ගේ රැකියා වෙනුවෙන් අලුත් බිස්නස් පටන් ගත්ත උතුම් මිනිසෙකුගේ කතාව

” අප අද තබනා එක් පියවරක් මතු දවසක යෝධ පිම්මක් වනු ඇත.”

මේ කතාව අපි ඕන තරම් අහලා ඇති.නමුත් ඒ කතාව සැබැවක් කල ජිවමාන මිනිසුන් තවමත් ඕනෑ තරම් සිටිති.

ඇට්වෙල් ලංකා ආයතනය බිහි වන්නේද තවත් එක් දුර දිග හිතන සහ සැලසුම් ගොන්නක් හිතේ පිරුනු මිනිසෙකුගේ සංකල්පයකිනි.

ඒ නිමල් කිත්සිරි රණසිංහ මහතායි.

ඔහු සිය ව්‍යාපාර ලෙස කාලයක් තිස්සේම සිදු කලේ බෙදා හැරීමේ කටයුතුයි.කොළඹ දිස්ත්‍රික්කය පුරාවට නිපොලැක් තීන්ත,හැරිස් බ්‍රෂ් සහ ඔරේන්ජ් ඉලෙක්ට්‍රික් නිෂ්පාදන බෙදා හැරීමේ නියුතු ඔහු ඒ තුළින් ලබා ගත් අත්දැකීම් එක් කොට තමාගේම ව්‍යාපාරයක් වෙනුවෙන් දුටු සිහිනය සැබෑවක් බවට පත් කරගන්නට වෙහෙසුනි.

“2020 දී කොරෝනා ආවම බ්‍රෂ් හදපු සමාගම වැහුවා.ඉතින් එතන හිටපු සේවකයින්ට ජොබ් නැතිවුනා.මම ඒ අයවත් එකතු කරගෙන මේ බිස්නස් එක පටන් ගත්තා ”

කොවිඩ් සමයේදී බොහෝ දෙනා හිතින් වැටෙන කල නිමල් රණසිංහ මහතා සිදු කලේ අලුත් ආයෝජන අවස්ථා බිහි කර ගැනීමයි.

ඒ නිසාවෙන්ම මහ මඟට වැටෙන්නට ගිය පවුල් 70 කට ආසන්න පිරිසකට යළිත් රැකියා අවස්ථා උදා කර දෙන්නට ඔහුට හැකිවිය.

කොවිඩ් වැනි ගෝලීය වසංගත තත්වයක් හමුවේ බොහෝ දෙනා තමා සතු දේත් අත් හරින අවධියක අන් අය වෙනුවෙන් අත දෙන්නට ඉදිරිපත් වන නිමල් රණසිංහ මහතා වැනි චරිත සමාජයේ ඉතා විරලය.

“කොහොම හරි මම පටන් ගත්ත බිස්නස් එක සාර්ථක වුනා.ඒකෙ ලොකුම රහස මගේ සේවකයෝ.ඒ අය කොවිඩ් කාලයේදී මේ දේවල් වැටෙන්න නොදී බලාගත්තා ”

ඔහු අදටත් සිය සේවකයින්,තමාට ඇති ලොකුම වත්කම ලෙස සලකන්නේද ඒ නිසාවෙන්මය.

සේවකයින්ට සිය රැකියා ස්ථානය ප්‍රිය මනාප ස්ථානයක් බවට පත් වන්නේද එවිටය.

“අනිත් රැකියා ස්ථානවලට ගන්න බෑ කියපු ආබාධිත දරුවෝ දෙන්නෙක් මගේ ළඟ වැඩ.එයාලා දැන් හොඳට වැඩ කරගෙන යනවා.”

මනුස්සකම ලඝු නොකල නිසාවෙන්ම සේවකයින් අදටද එකා වන්ව ඔහු වෙනුවෙන් පෙනී සිටිති.

“මට මේ ගමන එන්න ගොඩක් අය උදව් කරා.විශේෂයෙන් මතක් කරන්න ඕනේ සෙලාන් බැංකුව.මගේ ගිණුම තියෙන්නේ 1998 ඉඳලම බොරැල්ල සෙලාන් ශාකාවේ.එවකට කළමණාකරු රනිල් මහත්මයා මාව මේ තැනට ගේන්න ලොකු හයියක් වුනා.ඒ වගේම බැංකුවේ ඉහලම නිලධාරිනුත් මතක් කරන්න ඕනේ.නමේ හැටියටම හරිම සුහදව අපිට උදව් කරමින් අපිව ඉස්සරහට ගේනවා”

අභියෝග පවතින අවස්ථාවේම එම අභියෝගවලටද ,අභියෝග එල්ල කිරීම නිමල් මහතාගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයකි.

බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ හිඳිමින් උකහා ගත් අත් දැකීම් තුළින් නිෂ්පාදන ක්ෂේත්‍රයට ඔහු පිවිසින්නේද සැලසුම් සහගතව සහ ක්‍රමානුකූලවය.

ව්‍යාපාර ලෝකයට පිවිසෙන්නට බලාපොරොත්තු වන නවකයින්ට ද ඔහුගේ ජීවන කතාව වැදගත් වන්නේ ඒ නිසාවෙන්මය.